වසර හතරකට පසු සිය පළමු ජයග්‍රහණය සනිටුහන් කරමින් ජපානයේ 38 හැවිරිදි Shingo Kunieda විසින් ජුනි 4 වන සෙනසුරාදා දින පැවැති අටවැනි ප්‍රංශ විවෘත පිරිමි රෝදපුටු කේවල අවසන් තරගයේ ශුරතාවය ලබාගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ .
දැනට ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන Kunieda, තම ප්‍රතිවාදියා වූ ශ්‍රේණිගත කිරීම්හි තුන්වන ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාවේ Gustavo Fernandez ලකුණු 6-2, 5-7, 7-5ක් ලෙස පරාජයට පත් කරමින් නව පැරාලිම්පික් රන් පදක්කම් තුනක් සිය දීර්ඝ වෘත්තීය ජයග්‍රහණ ලැයිස්තුවට ඇතුළත් කරගෙන තිබේ.
"තමා බොහෝ අවස්ථාවල දැවී ගිය බවත්, සෑම දිනකම ඉවත් වීමට සිතුණු නමුත් ජනවාරි මාසයේ පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුව ප්‍රබෝධමත් වූ බවත්" Kunieda තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය .