මාර්ගයේ ගමන් කරමින් සිටින විටදී ක්ෂණිකව රෝගාතුර වන මගීන්ට වඩාත් හොඳ සේවාවක් සැපයීමේ අරමුණින් Taisho Pharmaceutical Co. නම් ඖෂධ සමාගමක් විසින් ජපානයේ කාර්යබහුලම දුම්රිය ස්ථානය වන JR Shinjuku හි විකුණුම් යන්ත්රයක් සවිකර ඇති අතර ඒ හරහා සීතල ඖෂධ, වේදනා නාශක සහ වෙනත් ඖෂධ අලෙවි කිරිමේ අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අක්ෂි බිංදු සහ ආහාර දිරවීමේ ඖෂධ ඇතුළු විවිධ නිෂ්පාදන 30 ක් පමණ ජනතාවට භාවිතා කළ හැකි වන අයුරින් යන්ත්රය තුළ ගබඩා කර ඇත. පසුගිය අඟහරුවාදා සිට යන්ත්රයේ අත්හදා බැලීමේ කටයුතු ආරම්භ වූ අතර අගෝස්තු 31 දක්වා පෙරවරු 10 සිට සවස 6 වනතුරු මෙම සේවාව ක්රියාත්මක වේ .
ඖෂධ අලෙවිසැල් නොමැති බොහෝ ප්රදේශවල අනාගතයේදී ඒවා ස්ථාපනය කිරීමේ බලාපොරොත්තුවෙන් අත්හදා බැලීම් කටයුතු ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් සංවර්ධනය කිරිම වෙනුවෙන් භාවිතයේදී මතුවන ගැටළු විශ්ලේෂණය කරන බවත් නව යන්ත්රය පිළිබඳව අදහස් දක්වමින් ඖෂධ සමාගම පැවැසීය.