Uber Eats රියදුරෙකු අත්අඩංගුවට


Uber Eats නම් ආහාර ඇණවුම් යෙදුමේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

පසුගිය මාසයේ අවස්ථා දෙකකදී පාරිභෝගිකයෙකුගේ මහල් නිවාසයේ දොරට ව්‍යංජන දැමීම සම්බන්ධයෙන් සැකපිට Uber Eats නම් ආහාර ඇණවුම් යෙදුමේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔක්තෝබර් 12 සහ ඔක්තෝබර් 13 යන දිනවල ටොෂිමාහි මහල් ගොඩනැගිල්ලක මෙම සිදුවීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. ඔක්තෝබර් 12 වැනි දින අදාල පාරිභෝගිකයා 27 හැවිරිදි ටකුමා ඉචිකාවා නමැති බෙදාහැරීමේ සේවකයාට දුර්වල ශ්‍රේණිගත කිරීමක් ලබා දුන් බැවින් මෙසේ කල බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

126 Views

Comments