විවේචනයට බඳුන් වූ ජපාන හිටපු අමාත්‍යවරයාගේ ‘ලෝක සුරූපිනියන්’ ඡායාරූප එකතුව


ජපානයේ හිටපු අමාත්‍යවරයෙකු ගේ ඡායාරූප එකතුවක් සම්බන්ධයෙන් විවේචන පළවේ

.

ජපානයේ හිටපු ආර්ථික පුනර්ජීවන අමාත්‍යවරයකු ලෙස සැලකෙන Yasutoshi Nishimura විසින් වසර 10 කට වැඩි කාලයක් පුරාවට එකතු කරන ලද විදේශගත කාන්තාවන්ගේ ඡායාරූප සමූහයක් පසුගියදා "ලොව පුරා සිටින අලංකාරයන්ගේ පින්තූර පොත" යන මාතෘකාව යටතේ ඔහුගේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ ක්‍රියාකලාපය මේ වනවිට සමාජය තුළ දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වේ. 

 

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිත මන්ත්‍රීවරයෙකු වන 59 හැවිරිදි Nishimura වර්තමානයේදී පාර්ලිමේන්තුව තුළ ඔහුගේ හත්වන වාරයේ පසුවන අතර, පහළ මන්ත්‍රණ සභාවේ Hyogo අංක 9 ආසනය නියෝජනය කරයි. 

 

ඔහු විසින් පළ කරන ලද ඡායාරූප ගැලරිය සමාජ මාධ්‍යවල දැඩි මාතෘකාවක් බවට පත්ව ඇති බැවින් ඊට ප්‍රතිචාර වශයෙන් Nishimura වෙබ් අඩවියේ තිබූ ඡායාරූප එකතුව ඉවත් කර ඇති අතර "මම 2017 අගෝස්තු මාසයේදී ඡායාරූප එකතුව යාවත්කාලීන කිරීම නැවැත්තුවා. නමුත් මට එය ඉවත් කිරීමට අමතක වුණා" යනුවෙන් ජූනි 3 වන දින ඔහුගේ බ්ලොග් අඩවියේ සදහන් කර තිබිණි.

Comments