EV බැටරි භාවිතයේ ඉල්ලුමට සාපේක්ෂව ඉහළ යන අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍ය වල මිල ගණන්


විද්‍යුත් වාහන බැටරිවල අමු ද්‍රව්‍ය මිල ඉහළ යයි

.

ලොව පුරා ව්‍යාප්තවී සිටින වාහන නිෂ්පාදකයින් නැවත ආරෝපණය කළ හැකි බැටරි සදහා දක්වන ඉල්ලුම ඉහළ යාමත් සමඟ එම බැටරි නිෂ්පාදනය කිරීමට භාවිතා කරන දුර්ලභ ලෝහයක් වන "ලිතියම්" හි මිල ගණන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනවිට පස් ගුණයකින් වැඩි වී ඇති බව බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් වන Argus Media හි නවතම පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ. 

 

එමෙන්ම බැටරි නිෂ්පාදනයේදී යොදාගන්නා අනෙකුත් අමුද්‍රව්‍ය වන කොබෝල්ට් සහ නිකල් වැනි ලෝහවල මිල ගණන් ද සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර එය EVs වල සමස්ත මිලෙන් 30-40 % පමණ වන බව සමාගම විසින් එම වාර්තාවේ සඳහන් කර ඇත.

 

රුසියාව විසින් ලෝහ නිෂ්පාදනයේ ප්‍රධාන නිෂ්පාදකයෙකු වන යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව අඛණ්ඩ සැපයුම් දාමවල ගැටළු මතුකරමින් නිකල් සහ ලිතියම් වල මිල ගණන් අඛණ්‌ඩව ඉහල යාම වේගවත් වීම සිදුවිය. 

 

"EV නිෂ්පාදනය සඳහා භාවිතා කරන දුර්ලභ ලෝහ සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යන්නේ නම් EV මිල 30 % පමණ ඉහළ නැංවීමට අවශ්‍ය වනු ඇත. එය EV ජනප්‍රිය වීම මන්දගාමී කරන සාධකයක් බවට පත්විය හැකිය”  යනුවෙන් SMBC Nikko Securities Inc හි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක Toshihide Kinoshita මේ පිළිබඳව අදහස් දක්‌වමින් පැවසීය.

189 Views

Comments