ජපානයේ සංචාරක අංගයක් ලෙස පැවැත්වෙන ගොන් පොර උත්සවය


ජපාන ගොන් පොර උත්සවය
සංචාරකයන්ගේ ආකර්ෂණය වඩාත් දිනාගනී

.

වරින් වර වැඩිවන නරඹන්නන්ගේ ඝෝෂාකාරී අත්පොළසන් නාදය මධ්‍යයේ වරකට බරින් කිලෝග්‍රෑම් 600 කට වඩා වැඩිවන ගොනුන් දෙදෙනෙකු බැගින්, තම මුළු ශක්තියම යොදාගනිමින් වළල්ල තුළ ගැටෙන, අං අගුළු දමාගනිමින් අනෙකා තල්ලු කිරීමට උත්සාහ කරන වෙනස්ම සංස්කෘතික අංගයක් ලෙස ජපානයේ ගොන් පොර උත්සවය හැඳින්වේ. 

 

Hiraniwa Togyu ​​Taikai ලෙස නම් කර ඇති මෙම ඉසව්වේ 40 වන වාරය මැයි 15 දින Iwate ප්‍රාන්තයේ Kuji හිදී ගොනුන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් ආරම්භ වූ අතර සෑම වසරකම මෙන්ම මේ වසරේදීත් මැයි සහ ඔක්තෝබර් අතර කාලයේදී සංදර්ශන හතරක් නරඹන්නන් වෙනුවෙන් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. 

 

මෙම සටන්වල ​​ජයග්‍රාහකයන් හෝ පරාජිතයන් නොමැති අතර ප්‍රචණ්ඩකාරී සිදුවීමක් ලෙස නොසැලකෙන මෙහි ඉලක්කය වන්නේ තම ප්‍රතිවාදියා වළල්ලේ කෙළවරට තල්ලු කිරීමයි. මෙම සම්ප්‍රදායේ පළමු ගොන් පොර උත්සවය 1983 දී සංචාරක කටයුත්තක් ලෙස ආරම්භ වී ඇති බව පැවැසේ.

102 Views

Comments