රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ මුස්ලිම් අධ්‍යාත්මික නායකයෙකු වන 43 හැවිරිදි Mufti Said Ismahilov තම ආගමික රාජකාරිවලින් ඉවත් වී ඔහුගේ රට වෙනුවෙන් සටන් කිරීමට තීරණය කර ඇති බව පැවැසේ.
වසර දහතුනක් මුෆ්තිවරයෙකු ලෙස කටයුතු කළ Ismahilov ආසන්න ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් වැඩි වන විට, දේශීය භෞමික ආරක්ෂක බලඇණියක් සමඟ පුහුණුවීම් ආරම්භ කර සිටි ඔහු පෙරටුගාමී හෝ වටලනු ලැබූ නගරවලින් තුවාල ලැබූවන් ඉවත් කරන පරිපූරක වෛද්‍යවරුන් සඳහා හමුදා රියදුරෙකු ලෙස සේවය කිරීමට පටන් ගෙන තිබේ .
මීට පෙර 2014 දී Moscow පිටුබලය ලබන බෙදුම්වාදීන් විසින් නැගෙනහිර යුක්රේනයේ Donetsk නගරය අල්ලා ගන්නා විට ඔහු රුසියාවෙන් පලා ගිය නමුත් කිසිදා අවසන් නොවන රුසියානු ආක්රමණයේ හමුවේ "මේ වතාවේ මම පලා යන්නේ නැහැ, කලාපයේ සටන් තීව්ර වෙමින් පවතිනවා. මුත් මම සටන් කරනවා කියලා තීරණය කළා" යනුවෙන් සදහන් කළේය.