යෙන් 24,000 කුලී රථ ගාස්තුවක් ගෙවීමට නොහැකි වූ Sapporo නගරයේ Shiroishi Ward හි ජීවත් වන 57 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු Hokkaido ප්‍රාන්තයේ Takigawa ප්‍රාදේශීය පොලිසිය විසින් සෙනසුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ මොහොතේදී පුද්ගලයා සතුව තිබී යෙන් 200ක මුදලක් පමණක් හමුවී ඇති බව සදහන් වේ.
බීමතින් සිටි මෙම පුද්ගලයා Atsubetsu Ward හි කුලී රථයකට නැඟී කිලෝමීටර් 90 ක් පමණ දුරින් පිහිටි Takigawa නගරයට ගෙන යන ලෙස රියදුරුගෙන් ඉල්ලා ඇති බවත් රියදුරා ඔහුට කුලී රථ ගාස්තුව යෙන් 25,000 ක් පමණ වනු ඇතැයි පැවැසූ විට ඔහු ඊට එකඟ වී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
ඔවුන් Takigawa වෙත පැමිණි විට, මෙම පුද්ගලයා විසින් රියදුරුට ගෙවීමට තමන් සතුව මුදල් නොමැති බව පැවැසූ හෙයින් රියදුරු ඔහුව පොලිස් ස්ථානයට භාර දී තිබේ. මෙහිදී ඔහු තමන්ව අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව තමා දන්නා බව පැවසූ නමුත් Sapporo සිට Takigawa වෙත යාමට අවශ්‍ය වූයේ මන්දැයි පැහැදිලි කර නොමැති බව වාර්තා වේ .