වන්දනාකරුවන්ට බාධාවකින් තොරව යාච්ඤා කිරීමට ඉඩ සලසන Tokyo හි ආසන දෙව්මැදුර


ජපානයේ ආසන දෙව්මැදුර බාධාවකින් තොරව යාච්ඤා කළ හැකි ස්ථානයක් ලෙස ප්‍රචලිත වේ

.

ජපානයේ අගනුවර Bunkyo Ward හි පිහිටා ඇති ආසන දෙව්මැදුර එයට අනන්‍ය වූ සරල බව සහ නිස්කලංක බව හේතුවෙන් බැතිමතුන්ට බාධාවකින් තොරව යාච්ඤා කළ හැකි පරිසරයක් සහිත දෙව්මැදුරක් ලෙස වන්දනාකරුවන් අතර ප්‍රචලිත වී තිබේ. 

 

ශාන්ත මරියා ආසන දෙව්මැදුර Tokyo හි කතෝලික දේවස්ථානයේ අගරදගුරු පදවියට අයත් වේ. 1945 දී Tokyo නගරය ඉලක්ක කර ගනිමින් සිදුවූ ගුවන් ප්‍රහාරවලදී පෙර තිබූ ආසන දෙව්මැදුර ගිනිබත් වූ නමුත් ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී Kenzo Tange විසින් 1964 දී  නව දෙව්මැදුර නැවත නිර්මාණය කරන ලදී. 

 

ආසන දෙව්මැදුරේ ඉහළම ස්ථානය උසින් මීටර් 39 ක් පමණ වන අතර පූජාසනයේ කුරුසය උසින් මීටර් 16 ක් පමණ වේ. කුරුසිය පිටුපසින් එන මෘදු රන්වන් ආලෝකය මගින් දෙව්මැදුරේ කිරිගරුඬ තට්ටුව ආකර්ෂණීය අන්දමින් ආලෝකමත් වීම සිදුවේ. 

 

"විශිෂ්ට පල්ලි ආකර්ශනීය වුවත්, කිසිවක් නොමැති වීම හොඳ විය හැකිය, මන්ද යාච්ඤා කිරීමේදී අවධානය වෙනතකට යොමු නොවන බැවිනි" යනුවෙන් පල්ලියේ ආශ්චර්යමත් ව්‍යුහය පිළිබඳව අදහස් දක්‌වමින් ප්‍රධාන පූජකතුමා ලෙස සේවය කරන 52 හැවිරිදි Akiyoshi Amamoto පැවැසීය.

163 Views

Comments