පැතිර යන නව covid ප්‍රභේද වලින් ආරක්ෂා වීමේ හැකියාව වඩාත්ම සපයන්නේ පෙර ආසාදනය වී තිබීම සහ එන්නත් ලබාගෙන තිබීම යන මාර්ග යුගලයෙන් කුමන මාර්ගයද යන්න තහවුරු කරගැනීමට සංසන්දනාත්මක අධ්‍යයනයක් ඇමරිකාවේ ප්‍රාන්ත දෙකකින් සිදු කර තිබේ.
එහිදී සනාථ වී ඇති පරිදි පෙර ආසාදනයක් සිදුවීමෙන් ශරීරය තුල යම් ප්‍රතිශක්තියක් ගොඩ නැඟුණ ද අදාල එන්නත් සියල්ලම ලබා ගෙන තිබීම වඩාත් ආරක්ෂාකාරී වීමට හේතු වන බවයි.එන්නත් ලබා නොතිබූ එහෙත් පෙර ආසාදනය වී තිබූ පුද්ගලයන්ට මෙම වෛරසයේ නව ප්‍රභේද නැවත ආසාදනය වීමට බොහෝ ඉඩකඩ ඇති බව මම පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබේ.