රුසියාවේ ආර්ථික සහයෝගීතාව පිළිබඳ ජපාන ගිවිසුම සංශෝධනය කෙරේ


රුසියාව හා ජපානය අතර ආර්ථික සම්බන්ධතාවය සංශෝධනය කිරීමට පියවර ගැනේ

.

Moscow විසින් යුක්‍රේනයේ සිදුකළ අමානුෂික ආක්‍රමණයට දැඩි විරෝධයක් දැක්වීමේ තවත් එක් පියවරක් ලෙස ටෝකියෝවේ ප්‍රධාන ලේඛනවලින් එකක සටහන්ව තිබූ "රුසියාව සමඟ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම" යන වාක්‍ය එයින් ඉවත් කළ බව ජපාන ආන්ඩුව සිකුරාදා ප්‍රකාශ කළේය.

 

යටිතල පහසුකම් අපනයනය පුළුල් කිරීම සඳහා වන ජපානයේ උපායමාර්ග පිළිබඳ ලේඛන යාවත්කාලීන කිරීමේදී, රුසියාව සමඟ ඇති කරගත් ආර්ථික සහයෝගීතාවය පිළිබඳව දත්ත ඇතුළත් වන කරුණු අටක සැලැස්ම සහිත වාක්‍යය අදාළ ලේඛනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව පැවැසේ.  

 

එය 2016 මැයි මාසයේදී එවකට අගමැති Shinzo Abe සහ රුසියානු ජනාධිපති Vladimir Putin අතර පැවැති සාකච්ඡා වලදී යෝජනා කර තිබූ අතර එම ක්ෂේත්‍ර අටට රුසියානු ඈත පෙරදිග ගුවන් තොටුපළ සහ වරාය සම්බන්ධ ව්‍යාපෘති, තෙල් හා ගෑස් සංවර්ධනය, සෞඛ්‍ය සේවා, සංචාරක සහ ශාස්ත්‍රීය හුවමාරු කිරීම් ඇතුළත්ව  තිබූ බව සදහන් වේ.

124 Views

Comments