නොමඟ ගිය තරුණයින් පුනරුත්ථාපනය කිරීමට උපකාර කරන ආශ්චර්යමත් පුද්ගලයා


Asato Takasaka නමකගේ තරුණයන් යහමගට ගැනීමට උපකාර කරයි

.

අතීතයේදී 15 වතාවක් අත් අඩංගුවට පත්වී , දෙවරක් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යවා, වරක් අපරාධ සංවිධානයක සහකාර සාමාජිකයෙකු ලෙස සේවය කර වර්තමානයේදී නොමඟ ගිය තරුණයින්ට සිය ජීවිතය ඇසුරින් පාඩම් කියාදෙමින් ජීවිතය හැඩගස්වා ගැනීමට සහාය ලබා දෙන ආශ්චර්යමත් පුද්ගලයෙකු පිළිබඳව පසුගියදා කතිකාවතක් ගොඩ නැඟිණි. 

 

නමින් Asato Takasaka වන ඔහු මේ වනවිට 38 හැවිරිදි වියෙහි පසුවන්නෙකි. වයස අවුරුදු 24 දී සිය බිරිඳ ගැබ් ගැනීමත් සමඟ " මෙහෙම ගියොත් අපේ දරුවා ඉපදෙන්න කලින්ම අවාසනාවන්ත අනාගතයකට පත් වෙනවා. මට මාවම පුනරුත්ථාපනය කරන්න වෙනවා" යැයි සිතමින් අපරාධ ක්‍රියාවල නිරත වූ හිරෝෂිමා නගරය සහ කල්ලි සාමාජිකයන් අතහැර Nagoya වෙත ගොස් ඇත. එහිදී වැඩිහිටි නිවාසයක රැකියාවක් කළ Takasaka වැඩිහිටියන් සමඟ ගැවසෙමින් ඔවුන්ගේ ජීවිතවලින් ගතහැකි උපරිම ආදර්ශය ගනිමින් නිවැරැදි ජීවිතාවබෝධයක් ලබාගෙන තිබේ. 

 

වර්තමානයේදී ඔහු විසින් පුනරුත්ථාපනය කෙරෙන පුද්ගලයින්ට තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා ජාතික ව්‍යාපාර සමූහයක් සහිත සංවිධානයක් දියත් කොට ඇති අතර "නැවත නැවත සිදුවන විෂමාචාර සහ පුනරාවර්තන වැළැක්වීමට කටයුතු කිරීමට අපි පොරොන්දු වෙනවා" යනුවෙන් ඔහු සිය සංවිධානය පිහිටුවීමේදී පවසා තිබේ.

115 Views

Comments