ඉහළ මන්ත්‍රී මණ්ඩල ඡන්දයේ ප්‍රචාරණය කටයුතු ඉදිරියේදී ආරම්භ කෙරේ


ජපානයේ මන්ත්‍රී මණ්ඩල ඡන්ද ප්‍රචාරණ කටයුතු නොබෝ දිනකින් ඇරඹීමට නියමිතයි

.

ජපානයේ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණ කටයුතු සඳහා වන නිල ප්‍රචාරක කාලය එළඹෙන ජුනි 22 දින සිට ආරම්භ වන බව ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ මහලේකම් Toshimitsu Motegi සෙනසුරාදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය .

 

වත්මන් පාර්ලිමේන්තු සැසිවාරය නියමිත පරිදි ජුනි 15 වන දින අවසන් වුවහොත් ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණය ජූලි 10 වන දින පැවැත්වෙනු ඇති බවට වර්ධනය වන අපේක්ෂාවන්ට තවත් අගයක් එක් කරමින් "ප්‍රචාරක කාලය ජුනි 22 වනදා ආරම්භ වන බවට සැකයක් නැත" යනුවෙන් Yamanashi ප්‍රාන්තයේ පැවති රැස්වීමකදී Motegi ප්‍රකාශ කළේය. 

 

"අපි යථාර්ථවාදී විකල්පයක් ලෙස ජූලි 10 දින මැතිවරණයකට සූදානම් වෙමින් සිටින්නෙමු " යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් LDP හි කනිෂ්ඨ සභාග හවුල්කරු වන Komeito හි ප්‍රධානියා ලෙස කටයුතු කරන Natsuo Yamaguchi කියා සිටියේය.

97 Views

Comments