රුසියාවේ යුක්රේන ආක්රමණය හේතුවෙන් රුසියාව පුරා පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හල් 850ක් පමණ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව එම අවන්හල් ජාලය නිවේදනය කර තිබේ.
තවද මේ හේතුවෙන් රැකියා අහිමි වන රුසියානු ජාතික සේවකයන් 62000කට පමණ ඔවුන්ගේ වේතනය නොකඩවා ලබා දෙන බවද එම ආයතන බලධාරීන් පොරොන්දු වී ඇත. මෙම අවන්හල් ජාලයේ වත්මන් සභාපති හා ප්රධාන විධායක නිලධාරී තුමන් වන Chris Kempckinski පවසා සිටියේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය මත තාවකාලිකව සියලු අවන්හල වසා දැමීම වඩාත් සුදුසු තීරණය ලෙස ඔවුන් සලකන බවයි.