එළු පැටවුන් සුරතල් කිරීම සඳහා නරඹන්නන්ට හිමිවූ දුර්ලභ අවස්ථාවක්


අතහැර දැමූ එළු පැටුවන් සුරතල් කිරීමට සංචාරකයන්ට අවස්ථාව හිමිවෙයි

.

නැඟෙනහිර ජපානයේ Chiba ප්‍රාන්තයේ Mutsuzawa නගරයේ Mutsuzawa Yagi Bokujo  එළු රංචුවේ දෙමව්පියන් විසින් නොසලකා හරිනු ලැබූ එළු පැටවුන් අතට ගෙන නිදි කරවීමට සහ බෝතල් කළ කිරි ලබාදීමට නරඹන්නන් හට නොමිලේ අවස්ථාව හිමිවී ඇති බව වාර්තා වේ . 

 

රංචුවේ ක්‍රියාකරු වූ 59 හැවිරිදි Hideo Kawawa පැවැසුවේ මෙහි අරමුණ "සෙනෙහස නිසා කුසගින්නේ සිටින එළුවන්ට සහ ආගන්තුකයන්ට සැනසීම ලබා දීම" බවයි. මෙහිදී එළු පැටවුන් සුරතල් කිරීමට කැමති නරඹන්නන් හට කුඩා එළුවන් වැළඳගෙන නිදා ගැනීමට ද හැකියාව ලැබේ .  

 

"සති 3 ක් වයසැති Wakaba සහ සති 2 ක් වයසැති Yume මෙලෙස රංචුවෙන් ඈත් වී සිටින එළු පැටවුන් දෙදෙනා වේ. ඔවුන් මැයි මාසයේදී උපත ලැබූ අතර දෙමාපිය එළුවන් කුඩා වීම සහ එය ඔවුන්ගේ පළමු දරු ප්‍රසූතිය වූ බැවින් ළදරුවන් හොඳින් ඇති දැඩි කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ" යනුවෙන් Kawawa සිදුවීම පිළිබඳව පැහැදිලි කළේය.

105 Views

Comments