Tokyo හි ඔලිම්පික් උරුමය ප්‍රවර්ධනය කරන ජපානයේ මහ නගරසභා


පසුගිය ඔලිම්පික් උළෙලට සහයෝගය සැපයු ජපාන මහ නගර සභා තවදුරටත් ආශ්‍රිත රටවල් සමඟ සම්බන්ධතාවය ප්‍රවර්ධනය කරයි

.

පසුගිය ගිම්හානයේ ටෝකියෝ ඔලිම්පික් හා පැරා ඔලිම්පික් උළෙලට පෙර පැවැති පුහුණු කඳවුරුවලදී විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සත්කාරකත්වය සැපයූ ජපාන මහ නගර සභා ඉදිරියේදී හවුල් රටවල් සමඟ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලබාදෙන නව සහනාධාරය සඳහා සුදුසුකම් ලබන බව මේ සම්බන්ධයෙන් හුරුපුරුදු මූලාශ්‍ර සඳුදා ප්‍රකාශ කළේය.

 

විදේශයන්හි සිට පැමිණිමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරාධනා කිරීම වැනි වියදම්වලින් කොටසක් ආවරණය කිරීම සඳහා ජපාන ක්‍රීඩා කවුන්සිලය විසින් මෙම සහනාධාර වැඩසටහනක් පිහිටුවනු ඇති බවත් එය 2023 මූල්‍ය වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා වලට පෙර, ජපානය පුරා නගර සහ ගම් 533 ක් දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ ජාත්‍යන්තර සුහදතාවය වර්ධනය කිරීම අරමුණ කරගත් හුවමාරු ප්‍රවර්ධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජය විසින් මෙහෙයවන ලද මුලපිරීමක් සඳහා

ලියාපදිංචි වී තිබේ.

117 Views

Comments