වසර 11කට පසු නැවත තම ගම්මානයට යාමට අවස්ථාව ලබාගත් ෆුකුෂිමා වැසියෝ


වසර එකොළහකට පසු fukushima වැසියන්ට ඔවුන්ගේ ගම්මානයට යාමට ඉඩ හසර සැලසේ

.

ඉරිදා උදෑසන Fukushima නගරයට ඇතුල්වීම තහනම් කරමින් පනවා තිබූ නියෝග ඉවත් කිරීමත් සමඟ 2011 මාර්තු මාසයේ සිදුවූ න්‍යෂ්ටික ව්‍යසනයෙන් දශකයකට වැඩි කාලයකට පසුව Fukushima ප්‍රාන්තයේ Katsurao ගම්මානයේ  පදිංචිකරුවන් කොටසකට නැවත සිය නිවෙස් වෙත යාමට අවස්ථාව හිමිවී තිබේ .

 

ඉහළ විකිරණ නිරාවරණය හේතුවෙන් අනාගතයේදී බොහෝ දුරට වසා දැමීමට අපේක්ෂා කරන "ආපසු පැමිණීමට අපහසු" කලාපයේ කොටසක පදිංචිකරුවන්ට නැවත ජීවත් වීමට ඉඩ සැලසෙන අයුරින් පළමු වරට මෙලෙස සීමා ඉවත් කර ඇත. 

 

"මෙය එක් සන්ධිස්ථානයක්. වසර 11කට පෙර තිබූ තත්ත්වයට අපට හැකි පමණින් දේවල් ගෙන ඒමට උත්සාහ කිරීම අපගේ යුතුකමයි. ප්‍රදේශයේ ප්‍රධාන දේශීය කෘෂිකර්මාන්තය පුනර්ජීවනය කිරීම තුළින් නිවැසියන් නැවත ගෙන්වා ගැනීමට අපි සලකා බලමින් සිටින්නෙමු" යනුවෙන් නව සිමා ලිහිල් කිරීම පිළිබඳව අදහස් දක්‌වමින් Katsurao නගරාධිපති Hiroshi Shinoki පැවැසීය.

Comments