ළදරු මළ සිරුර ගමන් මල්ලකට දමා  අල්මාරියේ සඟවා ගිය කාන්තාවක්


ළදරු මළ සිරුර ගමන් මල්ලක දමා හැරදමා ගිය මව අත්අඩංගුවට

.

සැකකටයුතු ලෙස අල්මාරියක දමා ගොස් තිබූ ගමන් මල්ලක තිබී අලුත උපන් පිරිමි ළමයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමෙන් පසු මළ සිරුර අතහැර දමා ගිය බවට සැකපිට Tokyo හි Hino නාගරික පොලිසිය විසින් අර්ධකාලීන සේවකයෙකු ලෙස කටයුතු කරන Chihiro Fukushima නම් 23 හැවිරිදි කාන්තාවක්  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

ඉරිදා දහවල් වනවිට තම දියණියගේ කාමරයෙන් අසාමාන්‍ය ගන්ධයක් එන බව දැණුනු Fukushima ගේ මව එය සොයාබැලීමට ගොස්‌ ඇති අතර එහිදී ඇයට අල්මාරියේ ගමන් මල්ලක් තුළ දමා තිබූ බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. 

 

Fukushima ගේ මව මළසිරුරු සම්බන්ධයෙන් 110 අමතා පොලීසිය දැනුවත් කොට ඇති අතර මැයි මස අවසානයේදී දරුවා උපත ලැබීමෙන් පසු ඔහුව මෙලෙස ගමන් මල්ල තුළ තබා ඇති බව අත්අඩංගුවට පත් Fukushima උපුටා දක්‌වමින් පොලීසිය පැවැසීය.

144 Views

Comments