Hayabusa2 ගවේෂණයේදී ලබාගත් ද්‍රව්‍ය  සාම්පලයෙන් ඇමයිනෝ අම්ල සොයා ගැනේ


Hayabusa 2 ගවේෂණයෙන් සොයාගත් ග්‍රාහකය කින් ඇමයිනෝ අම්ල වර්ග 20ක් පමණ සොයා ගනී

.

2020 දෙසැම්බර් මාසයේදී ජපානය විසින් සිදුකළ Hayabusa2 අභ්‍යවකාශ ගවේෂණය මගින් පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 300 කට වඩා ඈතින් පිහිටි Ryugu ග්‍රහකයේ මතුපිට ප්‍රදේශයෙන් රැගෙන පැමිණි සාම්පලවල තිබියදී ඇමයිනෝ අම්ල වර්ග 20කට වැඩි ප්‍රමාණයක් අනාවරණය වී ඇති බව අමාත්‍යාංශ නිලධාරියෙකු සඳුදා දින ප්‍රකාශ කළේය.

 

ග්‍රෑම් 5.4 පමණ බරැති වූ  මෙම සාම්පලයේ තිබී සොයාගත් ඇමයිනෝ අම්ල ජීවීන් සඳහා ඉතා වැදගත් ද්‍රව්‍ය වන බවත් එමඟින් ජීවයේ මූලාරම්භය අවබෝධ කර ගැනීමට ඉඟි ලබා ගත හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

 

සෞරග්‍රහ මණ්ඩලයේ සහ ජීවයේ සම්භවය පිළිබඳ අභිරහස් හෙළිදරව් කර ගැනීම Ryugu ගවේෂණයේ අරමුණ ලෙස දක්වා තිබූ අතර මීට පෙර සිදුකරන ලද සාම්පල විශ්ලේෂණ කටයුතු වලදී ජලය සහ කාබනික ද්‍රව්‍ය පවතින බවට යෝජනා කර තිබේ. 

 

ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය, ටෝකියෝ විශ්ව විද්‍යාලය සහ හිරෝෂිමා විශ්ව විද්‍යාලය ඇතුළුව රටපුරා පර්යේෂණ ආයතන රාශියක් විසින් 2021 දී දියත් කරන ලද නියැදියේ පූර්ණ විමර්ශනයට දායක වී තිබේ.

120 Views

Comments