මාර්තු මාසයේදී Saitama ප්‍රාන්තයේ Honjo හි පිහිටි නිවසක බිම මහලේ තිබී Ayumu නම් 5 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මළසිරුරක් හමුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරමින් සිටි පොලිසිය ජුනි 6 වනදා සදුදා කියා සිටියේ නිවසේ බිම් මහලේ තිබියදී ඇටසැකිලි කොටස් සහිත තවත් මළ සිරුරක් සොයාගත් බවයි.
DNA විශ්ලේෂණයට අනුව එම සිරුර එහි ජීවත් වූ වයෝවෘද්ධ කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇති අතර ප්‍රාන්ත පොලිසිය ඇයගේ මරණයට හේතු වූ කරුණු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවැසේ. මෙනිසා මියගොස් ඇති කාන්තාවගේ නම හෝ ඇයගේ අනන්‍යතාවයට අදාළ වෙනත් කිසිඳු තොරතුරක් පොලිසිය විසින් හෙළි කර නොමැත.
ප්‍රාන්ත පොලිසිය විසින් Ayumu ගේ මව වූ Kakimoto සහ ඇය සමඟ ජීවත් වූ රැකියා විරහිත කාන්තාවක් වන 54 හැවිරිදි Yoko Ishii සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙස නව වරෙන්තු නිකුත් කර තිබේ.