පිරිමි පාර්ශවයේ ලිංගික කම්පනය පිළිබඳ සමීක්ෂණ පවත්වන ජපානය


ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වන පිරිමි පාර්ශවයෙ මානසික කම්පනයන් පිළිබඳව ජපානය සමීක්ෂණ පවත්වයි

.

රටේ ප්‍රථම වරට ලිංගික හිංසනයෙන් පීඩාවට පත් වූ පිරිමි ළමයින් සහ වැඩිහිටි පිරිමි පාර්ශවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සමීක්ෂණයක් පැවැත්විමට ජපානයේ සුභසාධන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳුදා ප්‍රකාශ කළේය.

 

අඩු සමාජ දැනුවත්භාවයකින් යුක්ත වීම නිසා ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ පිරිමි අය වෙනුවෙන් ඉතා ඉක්මනින් සහය පද්ධතියක් නිර්මාණය කිරීම මෙන්ම තත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ ලෙස අමාත්‍යංශය දක්වා තිබේ. 

 

සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය විසින් වත්මන් මූල්‍ය වර්ෂය තුළදී සමීක්ෂණය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය වන සියුම් කරුණු තීරණය කිරීම වෙනුවෙන් පර්යේෂණ කණ්ඩායමක් පිහිටවූ අතර පිරිමි වින්දිතයින්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීම සඳහා වන මාර්ගෝපදේශ ස්ථාපිත කිරීමට වෛද්‍යවරුන් පිරිසක්ද එම කණ්ඩායමට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Comments