වර්ණවත් කුඩ සහ සතුන්ගේ අනුරූ භාවිතා කරමින් දීප්තිමත් කළ වෙළඳ සංකීර්ණය


A square වෙත පැමිණෙන පාරිභෝගිකයන් සතුටු කිරීමට අලංකාර නිර්මාණයන් සිදු කරයි

.

බටහිර ජපාන නගරයේ JR Kusatsu දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටා ඇති A Square වෙළඳ සංකීර්ණයේ සාප්පු සවාරි සදහා පැමිණෙන ලොකු කුඩා සියලු දෙනා සතුටට පත් කිරිමේ අරමුණින් වර්ණවත් කුඩ සහ සත්ව හැඩැති කඩදාසි අනුරූ භාවිතා කරමින් "Umbrella Patio" සහ "Animal Picnic" ලෙසින් ආකර්ෂණීය කලා ස්ථාපන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කර තිබේ. 

 

"Umbrella Patio" ලෙසින් හැඳින්වෙන මෙම වාර්ෂික ව්‍යාපෘතිය මගින් වර්ෂා කාලයේදී පවා අමුත්තන්ට සතුටක්  ගෙනදීම සඳහා වර්ණවත් කුඩවලින් වෙළඳ සංකීර්ණය අලංකාර කිරීම සිදු කරනු ලබයි. උත්සවයේ පස්වන සංස්කරණය සනිටුහන් කරමින් මේ  වසරේදීත් ජූලි 18 දක්වා විවිධ වර්ණවලින් යුත් කුඩ 490 ක් පමණ යොදාගනිමින් වෙළඳ සංකීර්ණයේ Sara හි දකුණු සහ නැගෙනහිර ගොඩනැගිලි අතර පිහිටි  උසාවිය ඇතුළු ස්ථාන තුනක් අලංකාර කිරීම සිදුකෙරේ. 

 

"Animal Picnic" ව්‍යාපෘතිය මගින් වලසුන්, මුවන් සහ වෘකයන් වැනි විවිධ සතුන්ගේ හැඩයෙන් යුත් කඩදාසි අනුරූ සාප්පු සංකීර්ණයේ පඳුරු සහිත තණකොළ භූමියේ සහ ගබඩා කොරිඩෝවේ ඇතුළු විවිධ ස්ථානවල සවි කර ඇති අතර ජූනි 19 දක්වා සවස 6 - රාත්‍රී 10.30 අතර කාලයේදී මෙම අනුරූ ආලෝකමත් කිරීම සිදුවේ. 

 

"අපි ඒවා ආලෝකමත් කරන විට ඉහළින් ඇති කුඩ දෙස බැලීම මෙන්ම පහලින් සිටින සතුන් නැරඹීම විනෝදජනකයි. මිනිසුන් අව්ව සහිත දිනවල මෙන්ම වැසි දිනවල පවා දිවා කාලයේදීත් රාත්‍රී කාලයේදීත් එක හා සමානවම ප්‍රදර්ශනය භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යනුවෙන් A Square හි නියෝජිතයෙකු උත්සවය පිළිබඳව අදහස් දක්‌වමින් පැවැසීය.

Comments