දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා කඳවුරු ආරම්භ කළ ජපාන නගරය


ජපානය දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා කඳවුරු ආරම්භ කරයි

.

නිරිතදිග ජපානයේ Fukuoka ප්‍රාන්තයේ Munakata නගරය විසින් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව සහ ඔවුන්ට එය භාවිතා කළ හැකි බවට වන විශ්වාසය වැඩි දියුණු කිරිමේ අරමුණින් නගරයේ පාසල් සිසුන් වෙනුවෙන් "ඉංග්‍රීසි භාෂා කඳවුරු" සංවිධානය කරනු ලබයි. මෙවර නගරයේ හතරවන ශ්‍රේණියේ විදේශීය ගුරුවරුන් විසින් විදේශීය භාෂාව අවබෝධ කර ගත හැකි බවට  දරුවන් තුළ පවතින විශ්වාසය ගොඩනැගීමේ අරමුණින් තම සිසුන් සමඟ ඉංග්‍රීසියෙන් පමණක් කතා කරමින් මුළු දවසම ගත කිරීමට පියවර ගෙන තිබේ. 

 

Fukuoka ප්‍රාන්තයේ නාගරික රජය 2019 අධ්‍යයන වර්ෂයේදී පාසල් හයක් ඒකාබද්ධ කරගනිමින් ඉංග්‍රීසි භාෂාව හුරු කරවීම වෙනුවෙන් මෙම විදේශ භාෂා පන්තිය පස්වන ශ්‍රේණියේ සිසුන් සඳහා ආරම්භ කළ අතර ක්‍රමයෙන් ඊළඟ වසර වනවිට නගරයේ පිහිටි නාගරික ප්‍රාථමික පාසල් 15ටම නව ව්‍යාපෘතිය ව්‍යාප්ත වීම සිදුවිය .

 

මෙම අධ්‍යයන වර්ෂයේදී ජුනි සහ ජූලි මුල අතර කාලයේදී නගරයේ Global Arena බහුකාර්ය ක්‍රීඩා මධ්‍යස්ථානය තුළ කඳවුරක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර එහිදී හතරවන ශ්‍රේණියේ සිසුන් 950කට පමණ එක්සත් ජනපදය, නේපාලය සහ බංග්ලාදේශය ඇතුළු විවිධ රටවල ජාත්‍යන්තර සිසුන් සමඟ අන්තර් ක්‍රියා කරමින් පෙරවරු 930 සිට පස්වරු 2.30 දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ .

Comments