ජපානයේ පරිත්‍යාගශීලී ජනතාවට හිමිවන Porsches රිය පැදවීමේ අත්දැකීම


ජපානය පරිත්‍යාගශීලී ජනතාවට වරප්‍රසාද හිමිවේ

.

නැඟෙනහිර ජපාන නගරයක් වන Kisarazu විසින් බදු සහන සහ ආපසු තෑගි වෙනුවෙන් රටේ ඕනෑම මහ නගර සභාවකට පිරිනැමෙන පරිත්‍යාග භාරගත් ජුනි 1 වන දින "නගර බදු " යෝජනා ක්‍රමයේ කොටසක් ලෙස පරිත්‍යාගශීලීන්ට ආපසු පිරිනැමෙන තෑගි ලැයිස්තුවකට Porsche රිය පැදවීමේ අත්දැකීම් වැඩසටහන් එක් කොට තිබේ .

 

Chiba ප්‍රාන්තයේ Kisarazu නගරය වෙත පරිත්‍යාග ලබාදෙන පරිත්‍යාගශීලීන් හට 2021 නොවැම්බර් මාසයේදී නගරයේ විවෘත කරන ලද "Porsche Experience Center Tokyo" හි නවතම මාදිලිවලින් ගැලපෙන මාදිලිය මිනිත්තු 90ක රියදුරු අත්දැකීමක් ලෙස  කිලෝමීටර් 2.1 ක ධාවන පථයක් වටා ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කළ හැකි වේ. 

 

යෙන් 170,000 , යෙන් 210,000 , යෙන් 260,000 හෝ යෙන් 350,000 ලෙසින් පරිත්‍යාග මුදල මත පදනම්ව මෝටර් රථ ශ්‍රේණි හතරක් ඉදිරිපත් කර ඇති අතර ජපන් භාෂාවෙන් https://www.furusato-tax.jp/product/detail/12206/5416456 ඇමතීමෙන් කැමති අයකුට මුදල් පරිත්‍යාග කළ හැකිය .

 

සුළි කුණාටුවකින් බරපතල හානියක් සිදුවූ නගරය යළි ගොඩනැංවීම වෙනුවෙන් මෙලෙස අධාර එක්රැස් කරනු ලබයි.

Comments