කලා කෘති විනාශයට පත් කළ කනිෂ්ඨ උසස් පාසල් ශිෂ්‍යයෝ


ජපාන කලා කෘති කීපයක් පාසල් ශිෂ්‍යයන් පිරිසක් විනාස කරයි

.

මධ්‍යම ජපානයේ Niigata ප්‍රාන්තයේ Tokamachi නගරයේ Echigo-Tsumari කෞතුකාගාරය විසින් Echigo-Tsumari Art Triennale 2022 ලෙස පැවැත්වූ ප්‍රදර්ශනයට තබා තිබූ කලා කෘති දෙකක් පාසල් චාරිකාවක් අතරතුරදී කනිෂ්ඨ උසස් පාසල් සිසුන් විසින් විනාශ කර ඇති බව නගර රජය ජුනි 6 වන දින නිවේදනය කර තිබේ .

 

Ryota Kuwakubo විසින් නිර්මාණය කරන ලද "LOST #6" සහ Carsten Nicolai විසින් නිර්මාණය කරන ලද "Wellenwanne LFO" යන ප්‍රදර්ශනය භාණ්‌ඩ මෙලෙස Niigata නගරයේ සිට පැමිණි කනිෂ්ඨ උසස් පාසල් සිසුන් විසින් විනාශ කර ඇති බව පැවැසේ . 

 

කෞතුකාගාරයට අනුව ප්‍රතිනිෂ්පාදනය කළ නොහැකි  ලෙස විනාශ වී ඇති "LOST #6" යනු ආදර්ශ දුම්රියකින් විමෝචනය වන ආලෝකය රෙදිපිළි නිෂ්පාදන උපකරණවල කොටස් වැනි වස්තූන් මත වැදී බිත්ති මත සෙවනැලි ඇතිකරවන නිර්මාණයක් වන අතර තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර නැවතත් ප්‍රදර්ශනයට තබා ඇති "Wellenwanne LFO" යනු අඩු සංඛ්‍යාත භාවිතා කරමින් ජලය මතුපිට කම්පනය කර තිරයක් මතට එහි රැළි ප්‍රක්ෂේපණය කරන නිර්මාණයකි.

117 Views

Comments