ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පසුව තවත් භයානක ප්‍රභේද පැමිණිය හැකි බව විද්‍යාඥයන් පවසයි


නවතම corona ප්‍රභේදය වන omicron  සුළිසුළඟ ක් ලෙස වේගයෙන් ව්‍යාප්ත වී යාමත් සමඟ ඒ ඔස්සේ තවත් විකෘති ප්‍රභේද ඉදිරියේදී ම?

.

නවතම corona ප්‍රභේදය වන omicron  සුළිසුළඟ ක් ලෙස වේගයෙන් ව්‍යාප්ත වී යාමත් සමඟ ඒ ඔස්සේ තවත් විකෘති ප්‍රභේද ඉදිරියේදී මතුවිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.කිසිවිටෙකත් omicron යනු corona හි  අවසන් ප්‍රභේදය ලෙස ගැනිය නොහැකි බව ඔවුන් තවදුරටත් පවසා ඇත.

 

විද්‍යාඥයන්ට අනුව  සෑම ආසාදනයක්ම වෛරසය විකෘති වීමට ඉඩ සලසා දෙන අතර  omicron හී ප්‍රබලතාවය කෙසේද යත් ඉතා ප්‍රබල  ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළක් තිබියදී වුවත් එය  ලෝකය පුරා වේගයෙන්  පැතිරයාමේ හැකියාවක් සහිත ප්‍රභේදයකි.

 

කෙසේ වෙතත් මීළඟට මතුවෙන වෛරස ප්‍රභේදයේ හැඩය හෝ ප්‍රබලතාවය පිළිබඳව කිසිදු අනාවැකියක් මෙතෙක් පළ කිරීමට නොහැකි බවත් එය වසංගත තත්ත්වය කුමන ආරයකට රැගෙන යාවි දැයි පැවසීය  නොහැකි බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර ඇත. මේ වන විට ලොව පුරා නිෂ්පාදනය වී ඇති විවිධ එන්නත් මගින්  මතුවීමට නියමිත ප්‍රභේද සඳහා ආරක්ෂාවක් සපයා වී දැයි නිශ්චිතවම පැවසිය නොහැකි හෙයින් අනාගතයේදී තවත් වඩාත් ප්‍රබල එන්නත් සූදානම් කර ගැනීමට සිදුවේවි යැයි ඔවුන්ගේ මතයයි.

 

Source: japantoday.com

374 Views

Comments