මිත්‍ර සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කළ එක්සත් ජනපදය


එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජපානයේ දේශපාලන සගයන් හමුවේ

.

උතුරු කොරියාවේ වේගවත් වන න්‍යෂ්ටික තර්ජනය වලට මුහුණ දීම සඳහා වන ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ එක්සත් ජනපද පාර්ශවයේ කැපවීම අවධාරණය කිරීම වෙනුවෙන් එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Wendy Sherman අද දින දකුණු කොරියාවේ සහ ජපානයේ සිටින සිය දේශපාලන සගයන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. 

 

"මේ වසරේ උතුරු කොරියාවේ ආයුධ ප්‍රදර්ශන වල ප්‍රකෝපකාරී ප්‍රවාහය හෙළා දකිමින් සහ වැඩෙන තර්ජන මැඩපැවැත්වීම සඳහා අවශ්‍යවන සමීප ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්‌වමින් " දකුණු කොරියාවේ සහ ජපානයේ උප විදේශ අමාත්‍යවරු සහ Sherman යන තිදෙනා Seoul හි පැවති සාකච්ඡා වලින් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිඥා දී ඇත .

 

"එක්සත් ජනපදය, කොරියානු ජනරජය සහ ජපානය DPRK මත සම්පූර්ණයෙන්ම සහ සමීපව පෙලගැසී ඇත" යනුවෙන් උතුරු කොරියාවේ නිල නාමය වන කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ මුලකුරු භාවිතා කරමින් Sherman සිය අදහස් ප්‍රකාශ කළාය.

108 Views

Comments