Ikeda පාසලේ සිදුවූ මාරාන්තික පිහි ඇනුමේ  21 වන වර්ෂ පූර්ණ අනුස්මරණය


Ikeda පාසලේ සිදු වූ මාරාන්තික පිහි ඇනුම අනුස්මරණය කරයි

.

Osaka ප්‍රාන්තයේ Ikeda ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබමින් සිටි ළමුන් අට දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ මාරාන්තික පිහි ඇනුමට වසර 21ක් සපිරීම නිමිත්තෙන් ජුනි 8 වන බදාදා දින පාසලේදී චාම් අනුස්මරණ උත්සවයක්  පවත්වා ඇති බව වාර්තා වේ. 

 

ජපානයේ බොහෝ පාසල්වලට ගේට්ටු අගුළු දැමීම සහ නිරීක්ෂණ කැමරා සවි කිරීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට හේතු වූ ඛේදවාචකය සිහිපත් කිරීම සහ පාසල සුරක්ෂිතව තබා ගැනීම වෙනුවෙන් ප්‍රතිඥා ලබා දීම සඳහා ඥාතීන්, ගුරුවරුන් සහ සිසුන් 770 ක් පමණ Ikeda ප්‍රාථමික පාසලේ පැවැති අනුස්මරණයට සහභාගී වී සිටියහ. 

 

2001 ජූනි 8 වන දින Mamoru Takuma නම් අපරාධකරු විසින් සිදුකළ ප්‍රහාරයේදී ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු තවත් 15 දෙනෙකු තුවාල ලැබූ අතර, දෙවන ශ්‍රේණියේ ගැහැණු ළමයින් හත් දෙනෙකු සහ පළමු ශ්‍රේණියේ එක් පිරිමි ළමයෙකු  මරණයට පත් විය. අපරාධකරු හට 2004 සැප්තැම්බර් මාසයේදී මරණ දණ්ඩනය හිමිවූ අතර "තමාට මරණ දණ්ඩනය ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා තමා මෙම අපරාධය කළ බව" නඩු විභාගයේදී ඔහු පවසා ඇත

146 Views

Comments