ප්‍රවේශ විභාගයේදී වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට පත් චීන ජාතිකයා


විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක දී වංචාකල චීන ජාතිකයෙකු අත්අඩංගුවට පත්වෙයි

.

Hitotsubashi විශ්ව විද්‍යාලයේ ප්‍රවේශ විභාගයට පෙනී සිටියදී හිමිවූ පරීක්ෂණ ප්‍රශ්නයක් සමාජ මාධ්‍ය හරහා කාන්දු කර පිළිතුරක් ඉල්ලූ 20 හැවිරිදි චීන ජාතිකයෙකු විභාගය වංචා කළ බවට සැකපිට බදාදා දින අත්අඩංගුවට ගත් බව ජපාන විමර්ශන ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

එමෙන්ම ජනවාරි 31 වන දින ජාත්‍යන්තර අයදුම්කරුවන් සඳහා  පැවති ප්‍රවේශ විභාගයේදී වංචා කිරීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන තවත් චීන ජාතිකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද Tokyo පොලිසිය මේ වනවිට විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වාර්තා වේ .

 

විශ්ව විද්‍යාලයේ ක්‍රියාන්විතයට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරු විසින් උපකාර පතා සම්බන්ධ කර ගත් අය අතර සිටි 20 හැවිරිදි පුද්ගලයකු සිදුවීම පිළිබඳව විශ්වවිද්‍යාලයට වාර්තා කිරීමෙන් පසුව වංචාවේ නියැළුණු සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

107 Views

Comments