ජපානයේ ආරක්ෂිත ධීවර ගිවිසුම අත්හිටවූ රුසියාව   


රුසියාව හා ජපානය අතර ආරක්ෂිත ධීවර ගිවිසුම අත්හිටුවයි

.

රුසියානු බලධාරීන් විසින් මතභේදයට තුඩු දී ඇති Hokkaido දූපතට ඔබ්බෙන් පිහිටි දූපත් අසල මුහුදේදී ජපාන ධීවර යාත්‍රා අල්ලා ගැනීම වැළැක්වීම සඳහා දෙරට අතර පිහිටුවා තිබූ ආරක්ෂිත ධීවර ගිවිසුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජපානය විසින් රුසියාවට එරෙහිව සිය විරෝධතා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. 

 

Sakhalin හි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපානය විසින් සිදුකළ ගෙවීම් අත්හිටුවීම උපුටා දැක්වූ රුසියාව අඟහරුවාදා දින සිට 1998 ආරක්ෂිත ධීවර ගිවිසුම අත්හිටුවන බවට නිවේදනය කළේය. යුක්‍රේනයේ ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව ජපානය සහ එක්සත් ජනපදය එක්වී සම්බාධක පැනවීම  හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සදහන් වේ. 

 

“රුසියාව ඒකපාර්ශ්විකව ගිවිසුම අත්හිටුවීම ප්‍රකාශ කිරීම පිළිබඳව අපි කනගාටු වෙමු " යනුවෙන් ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno සිය අදහස් දක්‌වමින් බදාදා දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

187 Views

Comments