අනේවාසික විදේශිකයන්ට පැනවූ  දේශසීමා හේතුවෙන් දැඩි අර්බුද


කොවිඩ් 19 වසංගතය තවදුරටත් පැතිරයාම වැළැක්වීම උදෙසා ජපන් රජය විසින් අනේවාසික  විදේශිකයන්ට

.

කොවිඩ් 19 වසංගතය තවදුරටත් පැතිරයාම වැළැක්වීම උදෙසා ජපන් රජය විසින් අනේවාසික  විදේශිකයන්ට පැනවූ දේශ සීමා නීති  කිසිලෙසකවත් විද්‍යාත්මක පදනමකින් යුක්ත ඒවා නොවන බව පවසමින් එම විදේශිකයන් ලෝ පුරා පෙළපාලි පවත්වන අතර ජපන් අගයෙන් ඉල්ලා සිටින්නේ  නැවත එම තීරණ සලකා බලන ලෙසයි .

 

පසුගිය අඟහරුවාදා  සිට ට්විටර් ඔස්සේ ද "Stop Japan's Ban," නම්  වූ කණ්ඩායමක් හරහා මෙම විරෝධතා දැක්වීම ආරම්භ වී ඇත. විවිධ ක්ෂේත්‍ර වලට සම්බන්ධ පුද්ගලයන් මෙසේ තහනමට ලක් වී ඇති හෙයින් ඒ වන විටත් ඉන්දියාව ,පෝලන්තය ,ආජන්ටිනාව , මැලේසියාව ආදී රටවල මෙම විරෝධතා දක්වා ඇති අතර පෙබරවාරි මාසයේදී ටෝකියෝ නුවර දීත් විරෝධතාවක් පැවැත්වීමට එහි  සංවිධායකවරුන් සැලසුම් කොට ඇත.

 

309 Views

Comments