ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ ජපන් ජාතිකයා


ඉන්දුනීසියාවේදී ජපන් ජාතිකයෙකු අත්අඩංගුවට පත්වේ

.

ටෝකියෝ පොලිසියට විසින් රජයේ COVID-19 සහනාධාර මුදල් වංචනික ලෙස ලබා ගත් බවට සැකපිට අත්‍යාවශ්‍ය සැකකරුවෙකු ලෙස නම් කර සිටි 47 හැවිරිදි Mitsuhiro Taniguchi නම් ජපන් ජාතිකයා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බව ජාතික පොලිස්‌ ප්‍රකාශක Gatot Repli Handoko විසින් අද දින නිවේදනය කළේය .

 

වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ කුඩා සමාගම් සඳහා රජය විසින් ලබාදුන් සහනාධාර මුදල්වලින් යෙන් මිලියන 960 කට වැඩි ප්‍රමාණයක් පවුලේ සාමාජිකයන් සමඟ වංචනික ලෙස ලබා ගත් බවට ඔහුට විරැද්ධව චෝදනා එල්ල වී තිබූ අතර 2020 ඔක්තෝම්බර් මාසයේදී ජපානයෙන් ඉන්දුනීසියාවට පලා ගිය පසු ඔහු සිටින ස්ථානය සොයාගැනීමට ජපාන පොලීසියට නොහැකි විය. 

 

නමුත් ජපාන රජය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බැවින් වීසා බලපත්‍රය ඉක්මවා රැඳී සිටීමේ සැකය මත ඉන්දුනීසියාවේ ආගමන බලධාරීන් විසින් Lampung පළාත් අගනුවර පිහිටි Bandarlampung හි රැදී සිටියදී අඟහරුවාදා රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

123 Views

Comments