Kirin Beverages සමාගමට යෙන් මිලියන 19.15ක දඩයක්


ඒ පාරිභෝගිකයන් නොමඟ යැවීම සම්බන්ධයෙනුයි.

.

Kirin Beverages සමාගමෙහි කොමඩු යුෂ 2%ක් පමණ අඩංගු බීම ඇසුරුමක “100% කොමඩු රසය” ලෙස ප්‍රදර්ශනය කිරීම පාරිභෝගිකයන් නොමග යැවීමක් බව පාරිභෝගික සේවා නියෝජිතායතනය ප්‍රකාශ කළේය.  

ඒ අනුව එම සමාගමට යෙන් මිලියන 19.15 ක දඩයක් ගෙවීමට අධිකරණය නියෝග කරන ලදී.

2020 ජුනි සිට 2022 අප්‍රේල් දක්වා සමාගම විසින් "ට්‍රොපිකානා 100% සම්පූර්ණ කොමඩු රස" ලෙස බීම ඇසුරුමේ සඳහන් කර ඇති නමුත්  එහි සත්‍ය වශයෙන්ම 98% ක් මිදි, ඇපල් සහ කෙසෙල් යුෂ අඩංගු බව වාර්තා වේ.

කෙසේනමුත් සමාගම මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙවැනි අවස්ථාවක් නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවයි.

87 Views

Comments