ජපානයේදී කාම්බෝජ ජාතිකයෙකු ඝාතනය කළ පිලිපීන අභ්‍යාසලාභියා


ජපානයේ දී මිනීමැරුමක් සිදු කළ පිලිපීන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ

.

නැඟෙනහිර ජපානයේ Chiba ප්‍රාන්තයේ Tomisato හි නගරයේ පිහිටි මහල් නිවාසයකදී පසුගිය මැයි මාසයේ සිදුව තිබූ ඝාතනයක් හේතුවෙන් මිය ගිය සීමාවාසික සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ ඝාතකයා ලෙස සැකපිට 30 හැවිරිදි Bulan Roel Bulan නම් පිලිපීන කාර්මික අභ්‍යාසලාභියා ජුනි 7 වන දින අත්අඩංගුවට ගත් බව Chiba ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේය. 

 

කාම්බෝජයේ තාක්ෂණික අභ්‍යාසලාභියෙකු ලෙස සේවය කළ 25 හැවිරිදි Mong Samet මෙලෙස මැයි 26 වන දින ඝාතනයට ලක්වූ අතර "මම ඔහුට පිහියෙන් ඇන්නා" යැයි විමර්ශකයන්ට පවසමින්  Bulan ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා පිළිගෙන ඇති බව වාර්තා වේ.

 

මෙහිදී ඝාතනයට ලක්වූ අනෙක් කාම්බෝජ ජාතික තාක්‍ෂණික සීමාවාසික සිසුවා වන 20 හැවිරිදි Chhat Chhit සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු තවමත් ප්‍රාන්ත පොලිසිය විසින් සිදු කරගෙන යන බවත් ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔවුන් තිදෙනා එකම ආයතනයක සේවය කරමින් එකට ජීවත්ව සිට ඇති බවත් ප්‍රාන්ත පොලිසිය මේ පිළිබඳව අදහස් දක්‌වමින් පැවැසීය.

Comments