COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් කඩාවැටෙමින් පවතින රටේ ආර්ථික තත්වය යළි නගාසිටුවීමට උපකාරයක් ලෙසින් රට තුළට පැමිණෙන විද්ශීය සංචාරකයන් මූලික කරගත් ජපානයේ සංචාරක ව්‍යාපාරය නැවත ස්ථාපනය කිරිමේ පළමු පියවර ලෙස විදේශීය සංචාරකයින් පිළිගැනීම සඳහා වන සංචාරක කර්මාන්තය ආශ්රිත ක්‍රියා පටිපාටි සිකුරාදා දින සිට නැවත ආරම්භ කර තිබේ.
එක්සත් ජනපදය, බි්රතාන්යය, චීනය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය ඇතුළු රටවල් 98 කින් සහ ආසාදනයන් පැතිරයාමේ අවදානම අවම මට්ටමක පවතින කලාපවලින් පැමිණෙන සංචාරකයන් සඳහා මෙලෙස පලමු පියවරේදී රටතුලට ඇතුළුවීමට අවසර හිමිවී ඇත.
දත්ත ලියාපදිංචි කිරීමේ පද්ධතියට සංචාරකයන්ගේ තොරතුරු ඇතුළත් කිරීම වැනි අත්‍යවශ්‍ය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමට අවම වශයෙන් දින කිහිපයක් ගත වන බැවින්, ආසන්න වශයෙන් ජූනි මස අග වනවිටදී පමණ සංචාරකයින්ගේ පූර්ණ පරිමාණ පැමිණීම ආරම්භ වනු ඇතැයි බලධාරීහු අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.