ANA සමාගමේ යළි ආරම්භ වන අභ්‍යන්තර දෛනික ගමනාගමනය


ANA සමාගමේ අභ්‍යන්තර ගමනාගමන නැවත ආරම්භ වෙයි

.

වසංගතයේ ව්‍යාප්තියට එරෙහිව පනවා තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීම ආරම්භ වීමත් සමඟ සංචාරක ඉල්ලුම යළිත් වරක් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින්, ලබන මාසයේ සිට Tokyo හි Haneda ගුවන් තොටුපළ වෙතට සහ ඉන් පිටතට සිදුකෙරෙන සියලුම අභ්‍යන්තර ගුවන් ගමන් වල දෛනික මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව All Nippon Airways සමාගම බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

 

"වසංගතයට පෙර පැවති මගී අනුපාතයෙන් 60% දක්වා මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති බවත් ජූලි හෝ අගෝස්තු වන විට එය 80% දක්වා ළඟා වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් "ANA ගුවන් සේවය මෙහිදී වැඩිදුරටත් අදහස් පැවැසීය .

 

සමාගමේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වන මෙහෙයුම් අනුපාතය ජූලි සිට අගෝස්තු අවසානය දක්වා වූ කාලයේදී පූර්ව වසංගත අනුපාතයෙන් 94% සිට 95% දක්වා ළඟා වනු ඇති බවත් Haneda ගුවන් තොටුපළ හැර දේශීය මාර්ගවල දැනට ක්‍රියාත්මක වන සීමා සහිත ගුවන් ගමන් දිගටම ක්‍රියාත්මක වන බවත් නිවේදනයේ දක්වා තිබිණි .

105 Views

Comments