නොමේරූ ළදරුවන් පෝෂණය කිරීමේ අරමුණින් පිහිටවූ කිරි බැංකුව


නොමේරූ ළදරුවන් පෝෂණය කිරීමට ජපානයේ කිරි බැංකුවක් විවෘත වෙයි

.

නොමේරූ දරු ප්‍රසූතියක් සිදු වූ විට ඇතිවන ආතතිය සහ කම්පනය හේතුවෙන් බොහෝ මව්වරුන්ට මව්කිරි ලබා දීමේදී මෙන්ම මව්කිරි නිෂ්පාදනයේදී ඇතිවන ගැටලු සමනය කොට නොමේරූ අලුත උපන් බිළිඳුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට මව්වරුන්ට උපකාර කිරීමේ අරමුණින්  ජපානය තුළ අතිශයින් දුර්ලභ යැයි සැලකෙන පරිත්‍යාගශීලී කිරි බැංකුවක් Tokyo නගරයේ දී පසුගියදා ආරම්භ කර ඇති බව වාර්තා වේ . 

 

ළදරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට සහ අඩු බරින් උපන් දරුවන් ආරක්ෂා කිරීමට මව්කිරි අත්‍යාවශ්‍ය වන බැවින් Nippon Foundation Human Milk Bank ආරම්භ කොට ඇත. අලුතින් විවෘත කරන ලද කිරි බැංකුව ද ඇතුළුව ජපානයේ දැනට දැකිය හැක්කේ දායක කිරි බැංකු දෙකක් පමණි . 

 

තමන්ගේ දරුවා පෝෂණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා කිරි නිපදවන මව්වරුන් මෙලෙස කිරි බැංකුවේ ලියාපදිංචි වන අතර ඔවුන් විසින් පරිත්‍යාග කරනු ලබන මව්කිරි පැස්ටරීකරණය කර ශීතකරණ තුළ ගබඩා කොට ඇති අතර ඉල්ලුම මත රෝහල් NICU වෙත සපයනු ලැබේ.

173 Views

Comments