අතේ ගෙන යා හැකි වැසිකිළි භාවිතය ඉහළ නැංවීම අරමුණු කරගත් ජපාන සමාගමක්


ජපාන සමාගමක් ආපදා තත්ත්වවලදී භාවිතා කළ හැකි ජංගම වැසිකිලියක් නිර්මාණය කිරීමට සූදානම් වේ

.

පර්යේෂණ කණ්ඩායමක් වන Japan Toilet Labo විසින් 2018 දී සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ආපදා සහිත ඕනැම ස්ථානයකදී භාවිතයට ගත හැකි වන පරිදි කුඩා, අතේ ගෙන යා හැකි වැසිකිළියක් Kokenawa Inc. නම් ජපාන සමාගමක් විසින් නිර්මාණය කර ඇති අතර එය ලොව කුඩාම වැසිකිළියක් ලෙස ජපානය පුරා ඇති ආපදා කට්ටලවල අනිවාර්ය අංගයක් වනු ඇතැයි සමාගම බලාපොරොත්තු වේ. 

 

2019 වසරේ මධ්‍යම ජපානයේ Nagano නගරයේ සුළිකුණාටුවෙන් හානි වුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයේ යෙදී සිටි Kokenawa සමාගමේ ප්‍රධානියා වූ 30 හැවිරිදි Yoshinori Kokenawa නම්   පුද්ගලයාගේ අදහසකට අනුව හදිසි වැසිකිළි හිමිකාරිත්වයේ අනුපාතය ඉහළ නැංවීමේ අරමුණින් මෙය නිර්මාණය කොට තිබේ. 

 

උසින් 7 cm සහ පළලින් 6.5 cm වන පරිදි 2020 දෙසැම්බර් මාසයේදී Pocketoilet  ලෙසින් හැඳින්වෙන මෙම නිර්මාණය හදුන්වා දී ඇති අතර "ඒවා කාන්තාවන්ගේ වේශ නිරූපණ බෑගයට පවා ගැලපේ, එබැවින් මිනිසුන් ඒවා පහසුවෙන් රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යනුවෙන් නව නිෂ්පාදනය එළිදක්‌වමින් Kokenawa පැවසීය.

128 Views

Comments