හොක්කයිඩෝ නගරයේ පාලම් නාම පුවරු රැසක් අතුරුදන්


හොක්කයිඩෝ නගරයේ පාලම් නාම පුවරු 100කට අධික ප්‍රමාණයක් සොරකම් කර තිබේ.

.

හොක්කයිඩෝ ප්‍රාන්තයේ ඩොනන් ප්‍රදේශයේ පාලමක නම සඳහන් නාම පුවරුවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

පුවරුව විකුණා මුදල් ලබාගැනීමට එසේ කළ බවට ඔවුන් දෙදෙනා පාපොච්චාරණය කර තිබේ.

නාම පුවරුවල අමුද්‍රව්‍ය වන තඹවල මිල ඉහළ යමින් පවතින අතර හොක්කයිඩෝ නගරයේ පාලම් නාම පුවරු 100කට අධික ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධි අතර සම්බන්ධය පිළිබඳව හොක්කයිඩෝ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

47 Views

Comments