අධ්‍යාපනය ලැබිමේ අරමුණින් ජපානයට පැමිණි චීන ජාතික සිසුවියකගේ සිරුර ස්පර්ශ කර ඇයට අතවර කළ බවට සැකපිට Tokyo අගනුවර Chuo Ward හි වාසය කළ Teruo Tanaka නම් වෘත්තීයෙන් කෝකියෙකු වූ 53 හැවිරිදි පුද්ගලයෙකු මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Tsukiji පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගත් බව ජුනි 9 දා නිවේදනය කොට තිබේ.
මැයි 5 දිනට පෙරදින මධ්‍යම රාත්‍රියේ අවසන් පැය කිහිපය තුළ දී තම නිවසට රැගෙන ගොස් නව යොවුන් වියේ සිසුවියගේ පපුව ප්‍රදේශය සහ ශරීරයේ අනෙකුත් කොටස් ස්පර්ශ කළ බවට Tanaka හට චෝදනා එල්ල වී ඇති නමුත් "ඇය එකඟ විය" යනුවෙන් පවසමින් ඔහු තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පොලිස් ස්ථානයට අනුව, ජපානයේ අධ්‍යාපනය ලැබීමට නියමිත දිනට පෙර දින රාත්‍රියේ ඇය Tokyo නගරයට ආසන්න Narita ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර ඇය පසුදින Tokyo දුම්රිය ස්ථානයෙන් පිටත්වන දවසේ පළමු දුම්රිය එනතුරු බලා සිටියදී, Tanaka ඇය වෙත පැමිණ, "මෙතන භයානකයි, අපි ආරක්ෂිත ස්ථානයකට යමු" යනුවෙන් පවසා ඇයව රැගෙන ගොස් තිබේ.