KAT-TUN කණ්ඩායමේ හිටපු සාමාජිකයාගේ පාපොච්චාරණය


Koki Tanaka නීති විරෝධී උත්තේජක ලබාගත් බවට පාපොච්චාරණය කරයි

.

ජපන් පොප් සංගීත කණ්ඩායමක් වූ "KAT-TUN" හි හිටපු සාමාජිකයෙකු වූ Chiba ප්‍රාන්තයේ Kashiwa හි පදිංචිව සිටි 36 හැවිරිදි Koki Tanaka විසින් ජූනි 10 දින ඔහුට එරෙහිව අධිකරණයේ පැවති නඩු විභාගයේදී තමන් නීතිවිරෝධී උත්තේජක භාවිතා කළ බවට වූ චෝදනාව පිළිගෙන තිබේ .

 

ඔහු Nagoya නගරයේ Naka Ward හි පිහිටා තිබූ හෝටලයකදී මත්ද්‍රව්‍ය භාවිතා කර, උත්තේජක පාලන පනත මෙන්ම ඖෂධ සහ වෛද්‍ය උපකරණ පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් චෝදනා ලැබ සිටින අතර උසාවියේදී නඩු පවරන්නන් වසර දෙකක සිර දඬුවමක් ඉල්ලු විට Tanaka ගේ නීතීඥයා අත්හිටවූ සිර දඬුවමක් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් Nagoya දිස්ත්‍රික් උසාවිය විසින් නඩු විභාගය අවසන් කර ඇති අතර එළැඹෙන ජුනි 20 වන දින අවසන් තීන්දුව ලබා දීමට නියමිත බව වාර්තා වේ.

 

"ස්වාධීනව ගිය පසු, මට තනිවම කාලසටහන් සකස් කිරීමට පවා සිදු විය. මගේ අනාගතය ගැන කනස්සල්ල, සහ ආතතිය යන සියල්ල මට  තනිව දරාගත නොහැකි වුණා . පීඩනය නිසා මම මත්ද්‍රව්‍ය වලට පැටලුණා. මම මට වැදගත් මිනිසුන්ට රිදෙව්වා. පුද්ගලයෙකුට කළ හැකි භයානකම දේ කළා. මම නැවත එවැනි දේවල් නොකර නිදහස් ජීවිතයක් ගත කිරීමට කැමතියි." යනුවෙන් කළු ඇඳුමකින් සහ මුව ආවරණයකින් සැරසී උසාවියට ​​පැමිණි Tanaka පාපොච්චාරණය කළේය.

92 Views

Comments