බිරිඳ ඝාතනය කල මන්ත්‍රී සැමියා


සිය බිරිඳ හුස්ම හිරකර මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට 48 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී Nagano ප්‍රාන්තයේ පිහිටි තම නිවසේදී සිය බිරිඳ හුස්ම හිරකර මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට 48 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මොහු පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාන්ත පරිච්ජේදයට අයත් Nagano ප්‍රාන්ත සභාවේ දෙවන වාර සභිකයෙකු වන
Daisuke Maruyama නම් අයෙක්.


මියගිය ඔහුගේ 47 හැවිරිදි බිරිඳ Nazomi නම් කතක්.


සැප්තැම්බර් 28 මධ්‍යම රාත්‍රිය සහ පසුදා පෙ.ව. 6:45 පමණ අතරතුර Shiojiriහි පිහිටි ඔවුන්ගේ නිවසේදී Maruyama සිය බිරිඳ හුස්ම හිරකර මරා දමා ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

119 Views

Comments