ජපාන ආණ්ඩුකාරවරයා හමුවූ යුක්‍රේනයේ සුමෝ කණ්ඩායම


තම දේශය වෙනුවෙන් යුක්රේන සුමෝ කණ්ඩායම ජපන් ආණ්ඩුකාරවරයා හමුවේ

.

ජූලි මාසයේ පැවැත්වීමට නියමිත ලෝක ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ප්‍රථමව සිදුකළ යුතු පෙර පුහුණුවීම් කටයුතු සඳහා ජපානයට පැමිණි යුක්‍රේන සුමෝ කණ්ඩායමේ සාමාජිකයින් ජූනි 10 වන දින Oita ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බැහැදැකීමට පැමිණි අතර කණ්ඩායමේ පුහුණුකරු වූ 60 හැවිරිදි Liubov Korobko ඇතුළු නියෝජිතයින් පිරිස ප්‍රාන්ත රජයේ ගොඩනැගිල්ලට ඇතුළු වන විට නිලධාරීන් 30 දෙනෙකු පමණ කුඩා යුක්‍රේන කොඩි ලෙළවමින් ඔවුන් පිළිගෙන තිබේ . 

 

"ඔබේ රට දුෂ්කර කාලයකට මුහුණ දෙමින් සිටින නමුත්, ඔබ ක්‍රමානුකූලව පුහුණුවීම් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් Oita ප්‍රාන්ත රජයේ මූලස්ථානයේදී ආණ්ඩුකාර Katsusada Hirose කණ්ඩායමේ සාමාජිකයින්ට පැවැසූ අතර ඊට ප්‍රතිචාර වශයෙන්, කිලෝග්‍රෑම් 115 ට වැඩි අධි බර අංශයෙන් ලෝක ක්‍රීඩා උළෙලට පෙනී සිටින 33 හැවිරිදි Oleksandr Veresuik තරගාවලියේ රන් පදක්කම තම රටට ගෙන යාමට පොරොන්දු වී තිබේ. 

 

උසින් සෙන්ටිමීටර 196 ක් සහ බරින් කිලෝග්‍රෑම් 185 ක් වන Veresuik සිය ප්‍රතිවාදියා බලහත්කාරයෙන් පිටතට ගෙනයාමේ සහ විරුද්ධවාදියා පිටතට තල්ලු කිරීමේ සුමෝ ශිල්පීය ක්‍රමවලට අති දක්ෂයෙකු වන අතර ආණ්ඩුකාරවරයා ඔහුගෙන් පුහුණුවීම් කෙසේදැයි විමසූ විට "ජපානයට පැමිණිම මගින් දිනකට දෙවරක් කරන ඔහුගේ පුහුණුව කෙරෙහි අවධානය යොමු කිරීමට තමන්ට හැකි වූ බවත්, හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වසර 15 ක වළල්ලේ ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය බවත්" පවසමින් ඔහු පිළිතුරු දුන්නේය .

137 Views

Comments