උදෑසන ව්‍යායාම වලින් අනතුරුව තාප ආඝාතයෙන් රෝගාතුර වූ පාසල් දරුවෝ


ජපානයේ අධික උණුසුම හේතුවෙන් පාසල් දරුවන් රෝගාතුර වේ

.

Osaka ප්‍රාන්තයේ Fukushima Ward හි Sagisu නාගරික ප්‍රාථමික පාසලේ හයවන ශ්‍රේණියේ සිසුන් 17 දෙනෙකු ජූනි 10 වන සිකුරාදා දින පැවැති ව්‍යායාම් පන්තියෙන් පසුව තාප ආඝාතයට ගොදුරු වීම හේතුවෙන් රෝගාතුර වී ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ එක් සිසුවෙකු වහාම රෝහල් ගත කළ බව ප්‍රාදේශීය අධ්‍යාපන මණ්ඩලය නිවේදනය කොට තිබේ .

 

දරුවන් පළමු කාල පරිච්ඡේදයේදී සහය දිවීමේ තරඟ පවත්වා ඇති බවත් අනතුරුව පැවැති ඉගැන්වීම් කටයුතු අතරතුරදී  සිසුන් බොහෝ දෙනෙකු මුව ආවරණය පැළඳ සිටි බවත් Osaka නාගරික අධ්‍යාපන මණ්ඩලය පැවැසීය. 

 

"උණුසුම් ආඝාතය වැළැක්වීමේ ප්‍රයත්නවල කොටසක් ලෙස පන්ති අතරතුරදී සහ වෙනත් අවස්ථාවලදී සිසුන්ට ඔවුන්ගේ මුව ආවරණය ඉවත් කිරීමට උපදෙස් දිය යුතු බව අපි නැවත වරක් පාසල් වෙත තරයේ දැනුම් දෙන්නෙමු" යනුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මණ්ඩලය ප්‍රකාශ කළේය.

 

129 Views

Comments