බන්ධනාගාරයේදී මිය ගිය රැඳවියා


ෆුකුෂිමා බන්ධනාගාරයේ සමූහ සිර මැදිරියක රඳවා සිටි 60 හැවිරිදි රැඳවියෙකු සැකකටයුතු පහරදීමකින් මිය ගොස් ඇති බව ??

.

ෆුකුෂිමා බන්ධනාගාරයේ සමූහ සිර මැදිරියක රඳවා සිටි 60 හැවිරිදි රැඳවියෙකු සැකකටයුතු පහරදීමකින් මිය ගොස් ඇති බව බන්ධනාගාර බලධාරීන් මාර්තු 30දා නිවේදනය කළේය.

 

රැඳවියා මාර්තු 25 වන දින උදෑසන ආහාරය ලබා ගෙන නොතිබු අතර පෙරවරු 8:30 ට පමණ ෆියුටන් එකක වැතිර සිටිනු දක්නට ලැබී ඇත. 

 

පසුව ඔහුව බන්ධනාගාරයෙන් පිටත වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර සඳහා යොමු කල නමුත් මාර්තු 28 දින රාත්‍රී 8 ට පමණ බහු අවයවික අකර්මන්‍යතාවයක් හේතුවෙන් මිය ගොස්‌ තිබේ. 

 

මරණ පරීක්ෂණයේදී උදරයේ තැලීම් වැනි සලකුණු දක්නට ලැබුණු බැවින් රැඳවියාට පහරදීමක් සිදුව ඇති බවට බන්ධනාගාරය සැක කරන අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

ෆුකුෂිමා බන්ධනාගාර නියාමක මසනෝරි ටකායාමා ප්‍රකාශයක් නිකුත් කරමින්, "අපි සිරකරුවෙකුගේ මරණය බරපතල ලෙස සලකමු. රැඳවියන්ගේ සෞඛ්‍යය කළමනාකරණය කිරීම සඳහා අපි අපගේ උපරිම උත්සාහය දිගටම කරගෙන යන අතර සිරකරුවන්ට නිසි ලෙස බලාගැනීමට වග බලා ගන්නෙමු." යනුවෙන් ප්‍රකාශ කළේය.

Comments