යුද්ධයේ අඳුරෙන් වැසී ගිය බලාපොරොත්තුවේ සහ සාමයේ ප්‍රාර්ථනාව


Nagasaki නගරයට හෙලූ බෝම්බය පිළිබඳව අතීතාවර්ජනයක්

.

කුඩා දරුවෙකු ලෙස Nagasaki නගරයට හෙළන ලද පරමාණු බෝම්බ ප්‍රහාරයට නිරාවරණය වූ 85 හැවිරිදි Takeshi Yamakawa දිනපතා පුවත්පතේ අවමංගල්‍ය තීරුව පිරික්සා බලා "මම ඉන්නේ ඕනෑම මොහොතක මිය යා හැකි අවධියක" යනුවෙන් ජිවිතයේ අනියත ස්වභාවය පිළිබඳව සිතමින් තම සිතුවිලි තරුණ පරම්පරාවට සාර්ථකව ගෙනයාම සඳහා සාමයේ මාවත තෝරාගෙන තිබේ. 

 

"අවසානයේදී, ඕනෑම දේශපාලඥයෙකුට වඩාත්ම වැදගත් වන්නේ මහජන මතයයි. සාමය ඇති කිරීම සඳහා, සෑම පුරවැසියෙකුම දිගටම කතා කළ යුතුය. සාම අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමේ කොටසක් ලෙස මට බලාපොරොත්තුවේ පණිවිඩ පතුරුවා හැරීමට අවශ්‍යයි. දරුවන් බලාපොරොත්තු සුන් කර දමා කතාව අවසන් කිරීම කමක් නැද්ද?  'මිනිස් වර්ගයා එතරම් මෝඩ නැත' යන බලාපොරොත්තුව සහ පණිවිඩය ලෝකයට ඉදිරිපත් කිරීම අවශ්‍ය බව මම විශ්වාස කරමි" යනුවෙන් ඔහු සඳහන් කළේය. 

 

යුක්‍රේනයේ විනාශය පෙන්වන රූපවාහිනී තිරවලින් ඇසෙන ගුවන් ප්‍රහාර සයිරන් හඬ ඔහුට වයස අවුරුදු 8 දී අඳුරු බෝම්බ කූඩාරමක් තුළ වෙව්ලමින් සිටි කාලයක් නැවත මතක් කර දුන් බව සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළ Yamakawa කියා සිටියේ වසර 77කට පසුවත් එවැනි තත්ත්වයක් තවමත් සිදුවෙමින් පවතින බව ඔහුට විශ්වාස කළ නොහැකි බවයි.

Comments