මානව පැපිලෝමා වෛරස එන්නත් (HPV) ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම ජපාන බලධාරීන් විසින් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට නැවත ආරම්භ කළ පසුව එන්නතේ පළමු තක්සේරුවේදී මෙන් බරපතල ආරක්‍ෂිත ගැටළු වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ මණ්ඩලය ජුනි 10 දින නිවේදනය කළේය.
ගැබ්ගෙල පිළිකාවලින් බහුතරයක් මානව පැපිලෝමා වෛරසය නිසා ඇතිවන බව සොයාගෙන තිබේ. HPV එන්නත මගින් දේහය තුළදී වෛරස වර්ග හතරකින් වැළදෙන රෝග වලට ආරක්ෂාව සැලසීම සිදුකෙරේ. HPV එන්නතෙහි අතුරු ආබාධ ඇති බවට සැක කරන අවස්ථා 17 ක් හෝ 0.0072% ක සංඛ්‍යාතයක් ඇති අතර 0.0209% ක පූර්ව ප්‍රවර්ධන සංඛ්‍යාතය හා සසඳන විට මෙම අගය "විශේෂයෙන් ඉහළ මට්ටමක නොතිබූ" බැවින් මෙවැනි තීන්දුවක් ගත්බව මණ්ඩලය ප්‍රකාශ කර ඇත .
HPV එන්නත් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසු ගතවන පලමු මාස හයේදී සෑම මාස තුනකට වරක්ම පවත්වනු ලබන ආරක්ෂිත තක්සේරු කිරීම්, අනිවාර්යයෙන්ම මසකට වරක් සිදු කළ යුතු බවට 2022 ජනවාරි මාසයේදී කමිටුව තීරණය කොට තිබූ බව වාර්තා වේ.