තෝකියෝ දිස්ත්‍රික් අධිකරණය විසින් 2021 දී තෝකියෝ හි ශිරෝකානේ-තකනාවා උමං දුම්රිය ස්ථානයේ දී 22 හැවිරිදි පුද්ගලයෙකුට සල්ෆියුරික් අම්ලය විසි කිරීම සම්බන්ධයෙන් 26 හැවිරිදි පුද්ගලයෙකුට වසර හයක සිර දඬුවමක් නියම වී තිබේ.
එවකට විශ්වවිද්‍යාල සිසුවෙකු වූ Hirotaka Hanamori ට එරෙහිව අධිකරණය මෙලෙස සිය තීන්දුව ලබා දුන් බව වාර්තා වේ.
Shizuoka හි ජීවත් වූ Hanamori, 2021 අගෝස්තු 24 වන දින දුම්රිය ස්ථානයේ එස්කැලේටරයක් මත ඔහු පසුකර යන විට වින්දිතයාට ඇසිඩ් විසි කළේය.
වින්දිතයාගේ ඇස් දෙකට සහ උරහිසට තුවාල සිදුවිය. උමං දුම්රිය ස්ථානයේ සිටි කාන්තාවක් ද ප්‍රහාරයට යොදාගත් අම්ලය මත ලිස්සා යාමෙන් පිළිස්සුම් තුවාල ලබා ඇත.
හනමෝරි සහ වින්දිත පුද්ගලයා ඔකිනාවා හි රියුකියුස් විශ්ව විද්‍යාලයේ සිසුන්ව සිටියදී චිත්‍රපට සමාජයක සාමාජිකයන් වී ඇති බව පොලිසිය පවසයි.
වින්දිතයා පැවසුවේ හනමෝරි යනු එම සමාජයේ ඔහුගේ ජ්‍යෙෂ්ඨයා බවත් ඔවුන් අතර කිසිදු තරහක් නොතිබූ බවත්ය.
එම ස්ථානයෙන් පලා යාමෙන් පසු, හනමෝරි අයිචි ප්‍රාන්තයේ චුබු ගුවන් තොටුපළේ සිට ඔකිනාවා හි නාහා ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට පෙර Shizuoka හි පිහිටි ඔහුගේ නිවසට ආපසු ගියේය. ඔහු ගිනෝවාන් හි මිතුරෙකුගේ නිවසේ නැවතී සිටි අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.