ඉහළ යන ධාන්‍ය මිලත් සමග වෙනස් වූ ජපානයේ කෘෂිකාර්මය


ජපානයේ ධාන්‍ය මිල ඉහළ යාමත් සමග එරට කෘෂිකාර්මික රටාව වෙනස් වෙයි

.

දැනට ජපානය තුළ පරිභෝජනය කරන තිරිඟුවලින් 80% සහ සෝයා බෝංචිවලින් 90% රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් ආනයනය කිරීම මගින් ලබාගත් අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් අඛණ්‌ඩව ධාන්‍ය මිල ඉහළ යාමත් සමඟ ජපන් ගොවීන් බොහොමයක් දෙනා මේ වසරේදී ඔවුන්ගේ සහල් නිෂ්පාදනය අඩු කර තිරිඟු සහ සෝයා බෝංචි වෙත මාරු වීමට සැලසුම් කර ඇති බව පසුගියදා සිදුකළ රජයේ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

 

කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යාංශයට අනුව මීට වසරකට පෙරදී පිසීමේ සහල් නිෂ්පාදනයට යොදාගත් අක්කර ප්‍රමාණය මේ වසරේදී අඩු කිරීමට පියවර ගන්නා බව ජපානයේ ප්‍රාන්ත 47 න් 37 ක් අප්‍රේල් මස අවසානය වන විට ප්‍රකාශ කර තිබිණි. 

 

"ගෝලීය මිල ගණන් ඉහළ යනවිට ගොවීන් වැඩි සංඛ්‍යාවක් තිරිඟු සහ සෝයා බෝංචි නිෂ්පාදන වෙත මාරු වෙමින් සිටිති. ජපානයේ නිෂ්පාදනය කරන එවැනි භෝග සඳහා වන ඉල්ලුම දැනටමත් ශක්තිමත් වී ඇත  " යනුවෙන් අමාත්‍යාංශයේ නිලධාරියෙකු මේ පිළිබඳව අදහස් දක්‌වමින් පැවැසීය .

111 Views

Comments