අසිරිමත් නත්තල් දිනය අදයි


නත්තල සමරනු ලබන්නේ ක්‍රිස්තියානි බැතිමතුන් විශ්වාස කරන පරිදි දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසු තුමන්ගේ උපත

.

ජේසු බිළින්දාගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදයි.

ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර ගවලෙනකදී උපත ලැබූහ.

දේවදූතයකු විසින් මෙම ගවලෙන අසල සිටි එ‍‍ඬේරුන්හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. ඉන්පසු ඔවුන් ජේසු බිළිදා බැහැදැකුමට ගොස් ඇති අතර එතුමන් දුටු පළමු කණ්ඩායම වන්නේද ඔවුන් පිරිසයි. ජේසුස් වහන්සේගේ උපත තුළින්, එතුමාගේ උපතට වසර ගණනාවකට පෙර පිහිටා තිබූ අනාවැකි සම්පූර්ණ වී ඇති බව ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.

ජේසු බිළිඳා උපන් මෙහොතේ අහසේ පෑයූ වල්ගා තාරකාවක් ඔස්සේ මාර්ගය සොයාගෙන පැමිණි රජවරුන් තිදෙනෙක්ද ජේසු බිළිඳා දැක නමස්කාර කර පඬුරු පිළිගැන්වීය.

නත්තල සමරනු ලබන්නේ, ක්‍රිස්තියානි බැතිමතුන් විශ්වාස කරන පරිදි දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසු තුමන්ගේ උපත සිහි කිරීම පිණිස ය.

ක්‍රිස්තු තුමාගේ දේව මෙහෙය (Mass of Christ) යන අරුතින් ‘Christ – Mass’ යන්න කෙටි වී Christmas යන වචනය සෑදී ඇත. මෙම දේව මෙහෙය පවත්වනු ලබන්නේ හිරු බැස ගිය පසුව (සහ පසුදිනට හිරු පෑයීමට පෙරය.) එනම් මැදියම් රැයේදී ය.

නත්තල ලොව පුරා සිටින ක්‍රිස්තියානි බැතිමතුන් විසින් සමරනු ලබන අතර වෙනත් ආගම් වල ජනතාව ද සමරයි. එය පවුලේ සියලු දෙනා සහ මිතුරන් එකට එක්ව සතුටු වන කාලයකි. කතෝලික බොහෝදෙනා, විශේෂයෙන් ම කුඩා ළමුන් තෑගි හුවමාරු කර ගැනීම ද මෙහි දී සිදුවේ. එහෙත් වර්තමානයේ දී මෙය වරදවා වටහාගෙන ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබයි. එය බලවත් වරදකි. නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය.

සත්‍ය ලෙස ම පවසතොත් නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි. යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දී ය. ජීවිතය අත්හැර යන්නට සිටි මිනිසුන්ට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති වූ දිනය යි. ලෝකයට සාමයේ පණිවුඩය ලබා දුන් දිනය යි.

 

96 Views

Comments